බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල බුදු දහම පාදකකොටගොඩනැගී ඇති ආගමයි. බුදු දහම ස්ථිර සහ අකාලික නමුදු බුද්ධාගම ප්‍රදේශයෙන්ප්‍රදේශයට සහ කාලයෙන් කාලයට වෙනස්වේ.
බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූඅර්ථ විවරණ වලින් දැනගත හැකිය. උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූමනුෂ්‍යයෙක් ද, නොඑසේ නම් මහායාන බෞද්ධයන් විශ්වාස කරන අන්දමට විශ්වයේපැතිර සිටින උතුම් ජිවියෙක් ද යන මතයන් තහවුරැ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉතිහාසයේඅඩංගු නොවේ. මහායාන බුදුදහමෙ දී මෙම කරැණු එතරම් සැලකිල්ලකට නොගනී.
විවිධ බුද්ධ සම්ප්‍රදායන් වලට අයත් අය අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හාභික්ෂු විනය නීති පිළිබදව විවිධ මතභේද පවතී.
මුල් බුදුසමය |
සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සදහා අනුබලදුන් සේක. දෙවියන් ද තම තමාගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන්වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදි ව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් මනිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත් තමා එම මාර්ගය පෙන්වා දීමට සිටිනගුරුවරයෙකු පමණක් වන බවත් දේශනා කළ සේක. බුදුදහමේ එන භාවනාව සෘද්ධි බලලබාගැනීමට නොව මනසේ යථා ස්වරෑපය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේඉගැන්වීම් තුළින් නිර්වාණය ලගා කරගැනීමට යොදා ගනී.
වජ්‍රායනය |
වජ්‍රායනය හා එහි තාන්ත්‍රික ප්‍රතිපත්ති හටගත් කාලය පිළිබඳව විවිධ මත තිබේ. ටිබෙට්ජනප්රවාදවලට අනුව ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ තන්ත්‍ර දේශනා කළද ඒවා රහස්‍යඉගැන්වීම් නිසා ඒවා ලියාතැබුවේ උන්වහන්සේගේ අනෙක් දේශනාවලට බොහෝ කලටපසුවයි. නාලන්දා විශ්ව විද්‍යාලය වජ්‍රායන මතවාදයේ කේන්ද්‍රස්ථානය වු අතර 11 වනශතවර්ෂය තෙක්ම වජ්‍රායන ක්‍රමවේදය පුරෝගාමීත්වය ඉසිලීය. මෙම කරුණු, ධර්මග්රන්ථ හා මතවාද චීනය, ටිබෙටය, ඉන්දුචීනය හා ගිනිකොණ චීනයට පැතිර ගියේය.
මෙම විෂය සම්බන්ධයෙන් ලියැවුනු පළමුවන නූතන නිබන්ධනයේ අයිතිකරුවන ෆෙයාර්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොනලඩ් එච්. ඩේවිඩ්සන් විග්‍රහ කරන්නේ වජ්‍රායනයේනැග්ම එකල ඉන්දියාවේ දේශපාලනික වෙනස්වීම් වලට ප්‍රතිචාරයක් ලෙස ඇතිවූ බවයි. ගුප්ත අධිරාජ්‍යයේ බැස්මත් සමඟම ඇති වූ කලහකාරී දේශපාලනික වාතාවරණය නිසාසම්ප්‍රදායික බුද්ධ ආශ්‍රමවලට අනුග්‍රාහකයින් සොයා ගැනීම දුෂ්කර වූ අතර සිද්ධුන් විසින්මෙහෙය වු ජන ව්‍යාපාර වඩා ප්‍රචලිත විය. ශතවර්ෂ දෙකකට පමණ පසු මෙය ආශ්‍රමතුළට සම්බන්ධ වීමට පටන් ගැනිණි.
වජ්‍රායනයේ මුලිකාංග බොහෝ ප්‍රමාණයක් සංවර්ධනය හා සංයුක්ත කිරීමෙන් සිදුවිනි. මෙයින් බොහෝ කොටස් ශතවර්ෂ ගණනාවක් පැවතුණි.
වර්තමානයේ බුද්ධාගම |
බුදුදහම ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම පරිහානියට පත් වු අතර එහි අවට රටවල්වලබුදුදහම පැවතුනද, බුදුදහමේ ව්‍යාප්තියක් සිදු නොවීය. නමුත් වර්තමානයේ එය නැවතශක්තිමත් වෙමින් පවතී. බුදුදහම අදහන්නන් මිලියන 230 සිට 500 දක්වා ප්‍රමාණයක්ලොව පුරා පැතිර සිටින අතර සමහරක් ඇස්තමේන්තුවලට අනුව එය මිලියන 310 ක්පමණ වේ. නමුත් මෙම ප්‍රමාණය නියත නොවේ. එයට හේතු,
බෞද්ධයන් යන ගණයට අයත්වන්නන් නිර්වචනය අපහසු වීම
චීනය, වියට්නාමය හා උතුරු කොරියාව යන රටවල තත්වය
එකී විමර්ශනයකින් හෙළිවුයේ බුදුදහම ලෝකයේ 4 වෙනියට වැඩිම පිරිසක් අදහනආගම වන අතර ඉදිරියෙන්ම ඇත්තේ ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් යන බවය. බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදී ආරම්භ වු සංඝ ශාසනය ලෝකයේ පැරණිතමසංවිධාන වලින් එකකි.
පාලි ධර්ම ග්‍රන්ථ අසුරු කරන ථේරවාදී බුදුදහම කාම්බෝජය, ලාඕස්, තායිලන්තය, ශ්‍රීලංකාව හා බුරුමයේ ප්‍රධානම බුදුදහමයි. ඉන්දියාවේ දාලිත් බෞද්ධ සංගමයද, අනුගමනය කරන්නේ ථේරවාදි බුදුදහමය.
චීනය, ජපානය, කොරියාව, තායිලන්තය, සිංගප්පුරුව හා වියට්නාමයේ පවතින්නේ චීනබසින් ධර්ම ග්‍රන්ථ ලියවුණු මහායාන බුදුදහමයි.
ටිබෙට් භාෂාවෙන් ලියවුනු ටිබෙට් බුදුදහම ටිබෙටයේ, ඉන්දියාව, භූතානය, මොංගෝලියාව, නේපාලය හා රුසියානු සමුහාණ්ඩුවේ දක්නට ලැබේ.
ආගමික සංඛ්‍යාන සම්බන්ධ වෙබ් අඩවියකින් පවත්වන ලද සංගණනයකින් හෙලි වුයේඉහත සඳහන් ප්‍රධාන සම්ප්‍රදායන් තුනට පිළිවෙලින් මිලියන 124, 185 හා 20? පමණබැතිමතුන් සිටින බවයි.
වර්තමානයේ බුද්ධ ධර්මය ලොවපුරා ව්‍යාප්තව ඇති අතර බෞද්ධ ග්‍රන්ථ විවිධභාෂාවලට පරිවර්තනය වී ඇත. බටහිර රටවල්වලදී බුදුදහම විදේශීය හා ප්‍රගතිශීලිලෙස සළකන අතර නැගෙනහිර දී එය සංස්කෘතියේම කොටසකි. ආසියාවේ බුදුදහමමනා සංවිධානයකින් යුක්තවන අතර රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙයි. සමහර රටවල එයනිලවශයෙන් පිළිගත් ආගමක් වේ. බටහිරට එය වර්ධනය වන අධ්‍යාත්මික දර්ශනයකි.
Comments
Post a Comment