බෞද්ධ සම්ප්‍රදායන් වර්ග කිරීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ දැනට පවතින ධර්ම ග්‍රන්ථ ලියාඇති භාෂාවන් අනුව වර්ග කිරීමයි. ඒවා නම් පාලි, සංස්කෘත, ටිබෙට් (මොංගාලියානුපරිවර්තන) හා චීන වන අතර සමහරක් කොරියාන් භාෂාවෙන් ද තිබේ. මෙයප්රායෝගිකව ප්‍රයෝජනවත් වර්ගීකරණයක් වුවද භාෂා වෙනස්කම හැරුණු විට සියලුසම්ප්‍රදායන් බැඳී ඇති පොදු කරුණු ද ඇති බැවින් දර්ශනවාදී හා ආගමික මතවර්ගීකරණය සඳහා මෙය සුදුසු නොවේ.
සෑම සම්ප්‍රදායක් ම බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා ලෙස පිළිගනිති.
සෑම සම්ප්‍රදායක් ම මධ්‍යම ප්‍රතිපදාව, පටිච්ච පමුප්පාදය, චතුරාර්‍ය සත්‍යය හා ආර්යඅෂ්ඨාංගික මාර්ගය පිළිගන්නා නමුත් සමහර සම්ප්‍රදායන් වල මේවාට එතරම් ලොකුවැදගත්කමක් නොලැබේ.
ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගත හැක (බෝධි)
බුද්ධත්වය ඉහළම මාර්ගඵලයයි. ථේරවාදී බුදුසමයේ දි රහතන්වහන්සේලා ලබාගත්නිර්වාණය ද බුදුන් වහන්සේ කෙනෙක් ලබාගන්නා නිර්වාණය හා සම බව සලකයි. (සියල්ලන්ටම පවතින්නේ එකම නිර්වාණයකි) බුදුන් වහන්සේනමක් යනු තනිවම නිවන්මග සොයාගෙන එය අන්‍යයන්ට අවබෝධ කරදෙන තැනැත්තෙකි.
Comments
Post a Comment