Skip to main content

නිවන පිලිබඳ බුද්ධ දේශනා


 බුදුන් වහන්සේ බුදු වීමෙන් අනතුරුව දේශනා කල පලමු ධර්ම දේශනාවේ මෙම චතුරාර්‍ය සත්‍යය පිලිබඳව සඳහන් වී ඇත. උන් වහන්සේ පලමු ධර්ම දේශනාව පැවැත්වූයේ උන්වහන්සේ සමග තවූස් දම් පිරෑ පස් වගතවුසන් හටය. චතුරාර්‍ය සත්‍යය පලමුව දේශනා කොට ඇත්තේ දාර්ශනිකත්වයෙන් බැහැරව. එය දේශනා කොට ඇත්තේ එවකට පැතිර ගිය ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න හඳුනා දෙමින්ය. ඒ තෙරුම් ගැනීමේ පහසුව​තකාය. ථේරවාදයේ​ තේරුම්​ ගෙන​ ඇති​​​ පරිදි​ මෙම​ දේශනාව ඉතා ගැඹුරු වූ තේරැම් ගැනීමට උත්සුක පුද්ගලයන්ටය. එහෙත් මහායානයේ මෙම​ දේශනාව ඉතා සරල වෙනත් ගැඹුරු වූ දේශනාවනට ප්‍රථම දැනගත යුතු කරුනු ලෙසය. නැගෙනහිර දේෂයන්හි මේ පිලිබඳව ඇත්තේ අල්ප දැනුමකි.



තථාගතෙන, භික්‌ඛවෙ, අරහතා සම්‌මාසම්‌බුද්‌ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්‌තරං ධම්‌මචක්‌කං පවත්‌තිතං අප්‌පටිවත්‌තියං සමණෙන වා බ්‍රාහ්‌මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්‌මුනා වා කෙනචි වා ලොකස්‌මිං, යදිදං – චතුන්‌නං අරියසච්‌චානං ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං. කතමෙසං චතුන්‌නං?
පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ මිගදායෙ දී, ලොව කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ අන් කිසි කෙනෙකුට ආපසු පෙරළිය නොහැකි පරිද්දෙන් උතුම් ධර්ම චක්‍රය පෙරළීම (ප්‍රවර්තනය) අරඹන ලදී. එනම් චතුරාර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය. කිනම් සතරක ද ඒ?

  • දුක්‌ඛස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,
    දුක නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය
  • දුක්‌ඛසමුදයස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,
    දුක හටගැනීම නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය
  • දුක්‌ඛනිරොධස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,
    දුක මුළුමනින්ම නැති වීම නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය
  • දුක්‌ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං.
    දුක මුළුමනින්ම නැති වන වැඩපිළිවෙල නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය

Comments

Popular posts from this blog

බුද්ධාගම

බුද්ධාගම   හෙවත්   බුදුසමය   යනු   බුදුන්   වහන්සේ   දේශනාකල   බුදු   දහම   පාදකකොට ගොඩනැගී   ඇති   ආගමයි .  බුදු   දහම   ස්ථිර   සහ   අකාලික   නමුදු   බුද්ධාගම   ප්‍රදේශයෙන් ප්‍රදේශයට   සහ   කාලයෙන්   කාලයට   වෙනස්වේ . බුදුරජාණන්   වහන්සේ   යනු   කවුද  ?  උන්වහන්සේගේ   ඉගැන්වීම්   මොනවාද ?  යන්න   විවිධ   වූ අර්ථ   විවරණ   වලින්   දැනගත   හැකිය .  උන්වහන්සේ   උත්තම   ස්ථානයකට   පත්වූ මනුෂ්‍යයෙක්   ද ,  නොඑසේ   නම්   මහායාන   බෞද්ධයන්   විශ්වාස   කරන   අන්දමට   විශ්වයේ පැතිර   සිටින   උතුම්   ජිවියෙක්   ද   යන   මතයන්   තහවුරැ   කිරීමට   අවශ්‍ය   සාක්ෂි   ඉතිහාසයේ අඩංගු   නොවේ .  මහායාන   බුදුදහමෙ   දී   මෙම   කරැණු   එතරම්   සැලකිල්ලකට   නොගන...

බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන්

 බෞද්ධ   සම්ප්‍රදායන්   වර්ග   කිරීමේ   ප්‍රධාන   ක්‍රමය   වන්නේ   දැනට   පවතින   ධර්ම   ග්‍රන්ථ   ලියා ඇති   භාෂාවන්   අනුව   වර්ග   කිරීමයි .  ඒවා   නම්   පාලි ,  සංස්කෘත ,  ටිබෙට්  ( මොංගාලියානු පරිවර්තන )  හා   චීන   වන   අතර   සමහරක්   කොරියාන්   භාෂාවෙන්   ද   තිබේ .  මෙය ප්‍රායෝගිකව   ප්‍රයෝජනවත්   වර්ගීකරණයක්   වුවද   භාෂා   වෙනස්කම   හැරුණු   විට   සියලු සම්ප්‍රදායන්   බැඳී   ඇති   පොදු   කරුණු   ද   ඇති   බැවින්   දර්ශනවාදී   හා   ආගමික   මත වර්ගීකරණය   සඳහා   මෙය   සුදුසු   නොවේ . සෑම   සම්ප්‍රදායක්   ම   බුදුරජාණන්   වහන්සේ   තම   ගුරුවරයා   ලෙස   පිළිගනිති . සෑම   සම්ප්‍රදායක්   ම   මධ්‍යම   ප්‍රතිපදාව ,  පටිච්ච   පමුප්පාදය ,  චතු...