Skip to main content

ධර්ම සංගායනා

ධර්ම ග්‍රන්ථවලට අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළමුවන ධර්ම සංඝායනාවපැවැත්වියඉන්දියානු සම්ප්‍රදායට අනුව ඉගැන්වීම් පරපුරෙන් පරපුරට පැවතුනේ මුඛවහරෙනිමෙම සමුළුවේ මූලික අරමුණ වුයේ මෙසේ මුඛ පරම්පරාවෙන් පැවතෙන ධර්මකරුණු සාමුහිකව කියවීමෙන් පසුව එම කරුණුවල වැරදි තිබේදැයි පරික්ෂා කිරීමයිපළමුවන ධර්ම සංඝායනාවේදී බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වන ආනන්දතෙරුන් විසින් පාලි සූත්‍ර හා අභිධර්මය කියවූ අතර උපාලි මහරහතන් වහන්සේ විනයනීති දේශනා කළ සේක.

දෙවන ධර්ම සංඝායනාවෙන් යම් කාලයකට පසුව සංඝ සමාජය විවිධ නිකාය බෙදීම්වලට ලක්වියමෙම නිකාය භේදය ඇතිවූයේ කිනම් කාලයකදී දැයි නිශ්චිතව කිවනොහැකි නමුත් දීපවංශයට අනුව එය දෙවන ධර්ම සංඝායනාව අවසන් වු වහාම සිදුවිය.

නිකාය භේදය හටගත්තේ ස්ථිවර හා මහාසාංඝික යන කොටස් දෙක අතරයමෙමදෙපාර්ශවයේම ජනශ්‍රැති එකිනෙකට වෙනස් අදහස් දක්වයිථේරවාදි ග්‍රන්ථයන් වන දීපවංශයට අනුව දෙවන ධර්ම සංඝායනාවේ ඇති වූ මතභේදයේ දී පරාජයට පත් වූ පිලවිරෝධය දැක්වීමක් වශයෙන් වෙන්ව ගොස් මහා සාංඝික ලෙස නිකායන් පිහිටුවා ගත්බවයිඋතුරු පරම්පරාවක් වන සරස්වතිවාද හා පුග්ගලවාද (අතීත ස්ථිවිර කොටසින්බෙදුනු කොටස්නිකායට අනුව මෙම භේදය රහතන් වහන්සේලාගේ තත්වය පහළබැසීමට හේතු වූ කරුණු 5 න් එකකිස්ථිවිර කොටස් තුළින් සම්ප්‍රදායන් කිහිපයක්හටගත් අතර ථේරවාදි සම්ප්‍රදාය ඉන් එකකිමුල් යුගයේදී මෙම මතවාද විනය නිසාහටගත් අතර විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා එකම ආරාමයේසමගිව විසුහනමුත් ක්‍රි.. 100 දී පමණ ආගමික කරුණු මුල් කරගෙන මතභේදහටගැනීම ආරම්භ විය.

ටිබෙට් දුල්වා ග්‍රන්ථයන්හි සංගායනාව සඳහා පාදක වූ වෙනස්ම හේතුවක් දැක්වේ. “සැරියුත් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත් මහරහතන් වහන්සේලාඅසූදාහක් පිරිනිවන් පෑහමුගලන් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත්මහරහතන් වහන්සේලා සැත්තැදහසක් පිරිනිවන් පෑහබුදුරජාණන් වහන්සේගේපරිනිර්වාණයෙන් පසුව සංවේගයට පත් මහරහතන් වහන්සේලා එක්ලක්ෂි අසූදහසක්පිරිනිවන් පෑහඑහෙයින් මහජනයාගෙන් එල්ලවන චෝදනාවන්ගෙන් මිදීම පිණිස ධර්මයසහ විනය සංගායනා කළහ.” යනුවෙන් එහි සඳහන් වේමේ හා සමාන ප්ර කාශයක්මහා වස්තුවේද හමු වේඑහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන්පසුව මහරහතන් වහන්සේලා පන්සීයක් පිරිනිවන් පෑ බවත්  නිසා සංගායනාව සිදු කළබවත්ය.

මෙම සියලු කාරනා පිරික්සා බැලීමේදී පැහැදිලි වන කරුණ නම් බුදු දහමේසුරක්ෂිතභාවය උදෙසා ධර්ම සංගායනාවක අවශ්‍යතාව බුද්ධ කාලයේ සිටම පැවතිබවයිඑය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අත්‍යාවශ්‍ය කරුණක් වියමේ සඳහා සුභද්‍ර නම්මහලු භික්ෂුවගේ වචනය ප්‍රබලම හේතුවක් වූ අතර විසිරී තිබූ ධර්මය එක්රැස්කිරීමටත්ධර්මය හා විනය සම්බන්ධව පැවති ගැටළු නිරාකරණය කිරීමටත් ඇති වූඋවමනාව ධර්ම සංගායනාවක් කිරීම සඳහා හේතු වියඑමෙන්ම බුදුන් වහන්සේගේඇවෑමෙන් ධර්මය සහ විනය ගුරු තනතුරෙහි තබා ගන්නා ලෙස කළ අවවාදයත්ධර්මයසංගායනා කිරීමේ වැදගත්කම සඳහන් වන දේශනාත් ප්‍රථම සංගායනාව සඳහා පාදකවියඑහෙයින් පාවචනය අතීතසත්ථුක නොවන පරිදි දෙව්මිනිසුන්ගේ හිත සුව පිණිසශාසන චිරස්තිථිය සඳහා මහතෙරුන් වහන්සේලා විසින් ප්‍රථම ධර්ම සංගායනාව සිදුකරන ලදී අනුව යමින් ස්ථවිරයන් වහන්සේලා විසින් සංගායනාත්‍රයක් සිදු කළ බැව්ශාසන ඉතිහාසය තුළින් ප්‍රකට වේ.

Comments

Popular posts from this blog

බුද්ධාගම

බුද්ධාගම   හෙවත්   බුදුසමය   යනු   බුදුන්   වහන්සේ   දේශනාකල   බුදු   දහම   පාදකකොට ගොඩනැගී   ඇති   ආගමයි .  බුදු   දහම   ස්ථිර   සහ   අකාලික   නමුදු   බුද්ධාගම   ප්‍රදේශයෙන් ප්‍රදේශයට   සහ   කාලයෙන්   කාලයට   වෙනස්වේ . බුදුරජාණන්   වහන්සේ   යනු   කවුද  ?  උන්වහන්සේගේ   ඉගැන්වීම්   මොනවාද ?  යන්න   විවිධ   වූ අර්ථ   විවරණ   වලින්   දැනගත   හැකිය .  උන්වහන්සේ   උත්තම   ස්ථානයකට   පත්වූ මනුෂ්‍යයෙක්   ද ,  නොඑසේ   නම්   මහායාන   බෞද්ධයන්   විශ්වාස   කරන   අන්දමට   විශ්වයේ පැතිර   සිටින   උතුම්   ජිවියෙක්   ද   යන   මතයන්   තහවුරැ   කිරීමට   අවශ්‍ය   සාක්ෂි   ඉතිහාසයේ අඩංගු   නොවේ .  මහායාන   බුදුදහමෙ   දී   මෙම   කරැණු   එතරම්   සැලකිල්ලකට   නොගන...

බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන්

 බෞද්ධ   සම්ප්‍රදායන්   වර්ග   කිරීමේ   ප්‍රධාන   ක්‍රමය   වන්නේ   දැනට   පවතින   ධර්ම   ග්‍රන්ථ   ලියා ඇති   භාෂාවන්   අනුව   වර්ග   කිරීමයි .  ඒවා   නම්   පාලි ,  සංස්කෘත ,  ටිබෙට්  ( මොංගාලියානු පරිවර්තන )  හා   චීන   වන   අතර   සමහරක්   කොරියාන්   භාෂාවෙන්   ද   තිබේ .  මෙය ප්‍රායෝගිකව   ප්‍රයෝජනවත්   වර්ගීකරණයක්   වුවද   භාෂා   වෙනස්කම   හැරුණු   විට   සියලු සම්ප්‍රදායන්   බැඳී   ඇති   පොදු   කරුණු   ද   ඇති   බැවින්   දර්ශනවාදී   හා   ආගමික   මත වර්ගීකරණය   සඳහා   මෙය   සුදුසු   නොවේ . සෑම   සම්ප්‍රදායක්   ම   බුදුරජාණන්   වහන්සේ   තම   ගුරුවරයා   ලෙස   පිළිගනිති . සෑම   සම්ප්‍රදායක්   ම   මධ්‍යම   ප්‍රතිපදාව ,  පටිච්ච   පමුප්පාදය ,  චතු...

නිවන පිලිබඳ බුද්ධ දේශනා

 බුදුන් වහන්සේ බුදු වීමෙන් අනතුරුව දේශනා කල පලමු ධර්ම දේශනාවේ මෙම චතුරාර්‍ය සත්‍යය පිලිබඳව සඳහන් වී ඇත. උන් වහන්සේ පලමු ධර්ම දේශනාව පැවැත්වූයේ උන්වහන්සේ සමග තවූස් දම් පිරෑ පස් වගතවුසන් හටය. චතුරාර්‍ය සත්‍යය පලමුව දේශනා කොට ඇත්තේ දාර්ශනිකත්වයෙන් බැහැරව. එය දේශනා කොට ඇත්තේ එවකට පැතිර ගිය ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න හඳුනා දෙමින්ය. ඒ තෙරුම් ගැනීමේ පහසුව​තකාය. ථේරවාදයේ​ තේරුම්​ ගෙන​ ඇති​​​ පරිදි​ මෙම​ දේශනාව ඉතා ගැඹුරු වූ තේරැම් ගැනීමට උත්සුක පුද්ගලයන්ටය. එහෙත් මහායානයේ මෙම​ දේශනාව ඉතා සරල වෙනත් ගැඹුරු වූ දේශනාවනට ප්‍රථම දැනගත යුතු කරුනු ලෙසය. නැගෙනහිර දේෂයන්හි මේ පිලිබඳව ඇත්තේ අල්ප දැනුමකි. “ තථාගතෙන, භික්‌ඛවෙ, අරහතා සම්‌මාසම්‌බුද්‌ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්‌තරං ධම්‌මචක්‌කං පවත්‌තිතං අප්‌පටිවත්‌තියං සමණෙන වා බ්‍රාහ්‌මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්‌මුනා වා කෙනචි වා ලොකස්‌මිං, යදිදං – චතුන්‌නං අරියසච්‌චානං ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං. කතමෙසං චතුන්‌නං? පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ මිග...