![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUUV2X4QLI0Xe9xeT4ge3HkXm9wVolIUzL_Jexml_J64rc5eVXsBHJWiLA6nK45CSbH7XbgBQSZB36wznmp_kRV8RMgG-mlY8-o0ZcTyjj2NshJceTFLbHuPDiXN729KThw4xjtGFJWBk/w640-h265/8001E179-5B7F-49E0-AEAC-2E48779BAD8D.jpeg)
බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් ත්‍රිපිටකය නමින් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ ත්‍රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
බුදු දහම අඩංගු වන්නේ ත්‍රිපිටකය නම් ග්‍රන්ථ එකතුවෙහි ය. දළ වශයෙන් ගත් කල: සූත්‍ර පිටකයයනු නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ අවබෝධය ට ගැලපෙන ලෙස දේශනා කරන්නට යෙදුනු, නිවන් මග හෙළි කරන, නවාංග ශාස්තෘ ශාසනයට අයත් මූලික බුද්ධ දේශනා ආදිය යි; විනය පිටකයෙහි ඇතුළත් වන්නේ විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් නිවන් මඟ තුළ හික්මවීමට දේශනා කරන විනය කරුණු ය; අභිධර්ම පිටකය යනු එම ධර්ම කරුණුවල ම සවිස්තරාත්මකව බෙදා දැක්වීමකි.
බොහෝ පඩිවරැන් විශ්වාස කරන්නේ පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේ ගේ නියම ඉගැන්වීම් සැබෑ ලෙසම අඩංගු වන බවයි. නමුත් මහායාන වල මුලාරම්භය මුල් බුදුදහමේ අඩංගු වුවද මහායාන සුත්‍ර බුද්ධ දේශනා නොවේ. නමුත් කිසිවෙක් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ලෙස දේශනා කළේ මේ කරැණු යැයි නිසැකයෙන් ම කීමට නොහැකි හෙයින් මහායාන ලියවිලි වල තම ශ්‍රාවකයාට මේ බුදුරජාණන්වහන්සේගේ මුල් දේශනා ලෙස දක්වා ඇත. නමුත් බටහිර වියතුන් බොහෝ දෙනෙක් පිළිගන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම අඩංගු වන්නේ පාලිධර්ම ග්‍රන්ථ වල බවයි.
Comments
Post a Comment