Skip to main content

Posts

 
Recent posts

නිවන පිලිබඳ බුද්ධ දේශනා

 බුදුන් වහන්සේ බුදු වීමෙන් අනතුරුව දේශනා කල පලමු ධර්ම දේශනාවේ මෙම චතුරාර්‍ය සත්‍යය පිලිබඳව සඳහන් වී ඇත. උන් වහන්සේ පලමු ධර්ම දේශනාව පැවැත්වූයේ උන්වහන්සේ සමග තවූස් දම් පිරෑ පස් වගතවුසන් හටය. චතුරාර්‍ය සත්‍යය පලමුව දේශනා කොට ඇත්තේ දාර්ශනිකත්වයෙන් බැහැරව. එය දේශනා කොට ඇත්තේ එවකට පැතිර ගිය ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න හඳුනා දෙමින්ය. ඒ තෙරුම් ගැනීමේ පහසුව​තකාය. ථේරවාදයේ​ තේරුම්​ ගෙන​ ඇති​​​ පරිදි​ මෙම​ දේශනාව ඉතා ගැඹුරු වූ තේරැම් ගැනීමට උත්සුක පුද්ගලයන්ටය. එහෙත් මහායානයේ මෙම​ දේශනාව ඉතා සරල වෙනත් ගැඹුරු වූ දේශනාවනට ප්‍රථම දැනගත යුතු කරුනු ලෙසය. නැගෙනහිර දේෂයන්හි මේ පිලිබඳව ඇත්තේ අල්ප දැනුමකි. “ තථාගතෙන, භික්‌ඛවෙ, අරහතා සම්‌මාසම්‌බුද්‌ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්‌තරං ධම්‌මචක්‌කං පවත්‌තිතං අප්‌පටිවත්‌තියං සමණෙන වා බ්‍රාහ්‌මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්‌මුනා වා කෙනචි වා ලොකස්‌මිං, යදිදං – චතුන්‌නං අරියසච්‌චානං ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං. කතමෙසං චතුන්‌නං? පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ මිග...

බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන්

 බෞද්ධ   සම්ප්‍රදායන්   වර්ග   කිරීමේ   ප්‍රධාන   ක්‍රමය   වන්නේ   දැනට   පවතින   ධර්ම   ග්‍රන්ථ   ලියා ඇති   භාෂාවන්   අනුව   වර්ග   කිරීමයි .  ඒවා   නම්   පාලි ,  සංස්කෘත ,  ටිබෙට්  ( මොංගාලියානු පරිවර්තන )  හා   චීන   වන   අතර   සමහරක්   කොරියාන්   භාෂාවෙන්   ද   තිබේ .  මෙය ප්‍රායෝගිකව   ප්‍රයෝජනවත්   වර්ගීකරණයක්   වුවද   භාෂා   වෙනස්කම   හැරුණු   විට   සියලු සම්ප්‍රදායන්   බැඳී   ඇති   පොදු   කරුණු   ද   ඇති   බැවින්   දර්ශනවාදී   හා   ආගමික   මත වර්ගීකරණය   සඳහා   මෙය   සුදුසු   නොවේ . සෑම   සම්ප්‍රදායක්   ම   බුදුරජාණන්   වහන්සේ   තම   ගුරුවරයා   ලෙස   පිළිගනිති . සෑම   සම්ප්‍රදායක්   ම   මධ්‍යම   ප්‍රතිපදාව ,  පටිච්ච   පමුප්පාදය ,  චතු...

බුද්ධාගම

බුද්ධාගම   හෙවත්   බුදුසමය   යනු   බුදුන්   වහන්සේ   දේශනාකල   බුදු   දහම   පාදකකොට ගොඩනැගී   ඇති   ආගමයි .  බුදු   දහම   ස්ථිර   සහ   අකාලික   නමුදු   බුද්ධාගම   ප්‍රදේශයෙන් ප්‍රදේශයට   සහ   කාලයෙන්   කාලයට   වෙනස්වේ . බුදුරජාණන්   වහන්සේ   යනු   කවුද  ?  උන්වහන්සේගේ   ඉගැන්වීම්   මොනවාද ?  යන්න   විවිධ   වූ අර්ථ   විවරණ   වලින්   දැනගත   හැකිය .  උන්වහන්සේ   උත්තම   ස්ථානයකට   පත්වූ මනුෂ්‍යයෙක්   ද ,  නොඑසේ   නම්   මහායාන   බෞද්ධයන්   විශ්වාස   කරන   අන්දමට   විශ්වයේ පැතිර   සිටින   උතුම්   ජිවියෙක්   ද   යන   මතයන්   තහවුරැ   කිරීමට   අවශ්‍ය   සාක්ෂි   ඉතිහාසයේ අඩංගු   නොවේ .  මහායාන   බුදුදහමෙ   දී   මෙම   කරැණු   එතරම්   සැලකිල්ලකට   නොගන...

ත්‍රිපිටකය

බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත්  ත්‍රිපිටකය  නමින් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ  ත්‍රිපිටකය  නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත. බුදු දහම අඩංගු වන්නේ  ත්‍රිපිටකය  නම් ග්‍රන්ථ එකතුවෙහි ය. දළ වශයෙන් ගත් කල:  සූත්‍ර පිටකය යනු නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ අවබෝධය ට ගැලපෙන ලෙස දේශනා කරන්නට යෙදුනු, නිවන් මග හෙළි කරන,  නවාංග ශාස්තෘ ශාසනයට  අයත් මූලික බුද්ධ දේශනා ආදිය යි;  විනය පිටකයෙහි  ඇතුළත් වන්නේ විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් නිවන් මඟ තුළ හික්මවීමට දේශනා කරන විනය කරුණු ය;  අභිධර්ම පිටකය  යනු එම ධර්ම කරුණුවල ම සවිස්තරාත්මකව බෙදා දැක්වීමකි. බොහෝ පඩිවරැන් විශ්වාස කරන්නේ පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේ ග...

ධර්ම සංගායනා

ධර්ම   ග්‍රන්ථවලට   අනුව   බුද්ධ   පරිනිර්වාණයෙන්   පසුව   පළමුවන   ධර්ම   සංඝායනාව පැවැත්විය .  ඉන්දියානු   සම්ප්‍රදායට   අනුව   ඉගැන්වීම්   පරපුරෙන්   පරපුරට   පැවතුනේ   මුඛ වහරෙනි .  මෙම   සමුළුවේ   මූලික   අරමුණ   වුයේ   මෙසේ   මුඛ   පරම්පරාවෙන්   පැවතෙන   ධර්ම කරුණු   සාමුහිකව   කියවීමෙන්   පසුව   එම   කරුණුවල   වැරදි   තිබේදැයි   පරික්ෂා   කිරීමයි .  පළමුවන   ධර්ම   සංඝායනාවේදී   බුදුරජාණන්   වහන්සේගේ   උපස්ථායක   වන   ආනන්ද තෙරුන්   විසින්   පාලි   සූත්‍ර   හා   අභිධර්මය   කියවූ   අතර   උපාලි   මහරහතන්   වහන්සේ   විනය නීති   දේශනා   කළ   සේක . දෙවන   ධර්ම   සංඝායනාවෙන්   යම්   කාලයකට   පසුව   සංඝ   සමාජය   විවිධ   නිකාය   බෙදීම් වලට   ලක්විය ....