බුදුන් වහන්සේ බුදු වීමෙන් අනතුරුව දේශනා කල පලමු ධර්ම දේශනාවේ මෙම චතුරාර්‍ය සත්‍යය පිලිබඳව සඳහන් වී ඇත. උන් වහන්සේ පලමු ධර්ම දේශනාව පැවැත්වූයේ උන්වහන්සේ සමග තවූස් දම් පිරෑ පස් වගතවුසන් හටය. චතුරාර්‍ය සත්‍යය පලමුව දේශනා කොට ඇත්තේ දාර්ශනිකත්වයෙන් බැහැරව. එය දේශනා කොට ඇත්තේ එවකට පැතිර ගිය ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න හඳුනා දෙමින්ය. ඒ තෙරුම් ගැනීමේ පහසුවතකාය. ථේරවාදයේ තේරුම් ගෙන ඇති පරිදි මෙම දේශනාව ඉතා ගැඹුරු වූ තේරැම් ගැනීමට උත්සුක පුද්ගලයන්ටය. එහෙත් මහායානයේ මෙම දේශනාව ඉතා සරල වෙනත් ගැඹුරු වූ දේශනාවනට ප්‍රථම දැනගත යුතු කරුනු ලෙසය. නැගෙනහිර දේෂයන්හි මේ පිලිබඳව ඇත්තේ අල්ප දැනුමකි. “ තථාගතෙන, භික්‌ඛවෙ, අරහතා සම්‌මාසම්‌බුද්‌ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්‌තරං ධම්‌මචක්‌කං පවත්‌තිතං අප්‌පටිවත්‌තියං සමණෙන වා බ්‍රාහ්‌මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්‌මුනා වා කෙනචි වා ලොකස්‌මිං, යදිදං – චතුන්‌නං අරියසච්‌චානං ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං. කතමෙසං චතුන්‌නං? පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ මිග...